A+ R A-

ශල්‍ය වෛද්‍ය නිවසට බෝම්බ ප්‍රහාරයක් - හෙට දිනයේ දීපව්‍යාප්ත වර්ජනයක්

E-mail Print PDF

 

වෛද්‍යවරයකුගේ නිවසකට එල්ල කළ අත්බොම්බ ප්‍රහාරයකට විරෝධ්‍ය පළ කරමින් හෙට (17) දිනයේදී දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

අද පෙරවරුවේ දෙහිවල පදිංචි ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ නිව

සට මෙම අත් බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇත. මේ අතර මීට පෙර අවස්ථා ගණනාවකදීම වෛද්‍ය සභාවේ වෛද්‍යවරුන්ට තර්ජන එල්ලවූ බවද එම ක්‍රියාකලාපයන්ට විරෝධය පෑමද හෙට දිනයේ ක්‍රියාත්මක කරන වර්ජනයේ අරමුණක් බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යමකාරක සභික වෛද්‍ය නවීන්ද්‍ර සොයිසා මහතා පවසයි.

එසේම මේ සිදුවීමට අදාළව මේ වනවිට අද දහවල් 12.00සිට බලපැවැත්වෙන පරිදි පැය 24ක කාලයක් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් රාජකාරිවලින් බැහැරව සිටින බවද ඒ මහතා පැවසීය.

This content has been locked. You can no longer post any comment.

online

We have 86 guests online

Advertisment

advertisment