ශ්‍රී ලංකාව උපයන විදේශ විනිමය ප්‍රමාණය මෙන් තුන් ගුණයක විනිමය ප්‍රමාණයක් විදේශ රටවලට ඇදී යන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසයි. ඉන් 40%ක ප්‍රමාණයක්ම ඉන්ධන සදහාද අනෙක් වැඩිම ප්‍රමාණය සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම සදහාද බව ඒ මහතා ප්‍රකාශ කරයි.
දික්වැල්ල ප්‍ර දේයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කලේය.
“අද අපි ඉන්නේ තරමක අමාරු තත්ත්වයක, අපි උපයන විදේශ විනිමය ප්‍රමාණය මෙන් තුන් ගුණයක් විදේශවලට අපි ගෙවනවා. විශේෂයෙන් සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීමට. ඊට අමතරව අපි විදේශවලින් ගෙන්වන ඒවායින් 40%ක් වෙන් කරන්නේ තෙල් ගෙන්වීමට.“ යැයි එහිදී ඒ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව උපයන විදේශ විනිමයෙන් වැඩිම ප්‍රතිශතයක් උපයන්නේ විදේශගත ශ්‍රමිකයන් බවත් දෙවන තැන හිමිවන්නේ ඇඟළුම් කර්මාන්තයට බවත් ඒ මහතා එහිදී තවදුරටත් පැවසීය.






