එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරීස්වරියගේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණය සඳහා පැමිණීම රජය අනුමත කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුවැල්ල මහතා පවසයි.
ඊයේ (16) කොළඹදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාවට අනුව ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම නියෝජිත පිරිස පැමිණීමට නියමිතය.
එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් නිරීක්ෂක කමිටුව විසින් ඉදිරි නොවැම්බරයේදී එජා මානව හිමිකම් මණ්ඩලය පවත්වන ශ්‍රී ලංකාව සම්බන්ධ සර්ව වාරික විමර්ශනය (Universal Periodic Review) වෙත ලබා දීමට නියමිතය.
ඉන්දියාවේ ප්‍රධානත්වයෙන් යුතු නිරීක්ෂණ කමිටුව සමන්විත වන්නේ ස්පාඤ්ඤය හා බෙනින් යන රටවල නියෝජිතයන්ගෙනි.
කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී කුමන යෝජනා සම්මත වුවද කිසිදු නිරීක්ෂණ කණ්ඩායමකට මෙරටට ඇතුළුවීමට ඉඩ නොදෙන බව ආණ්ඩුවේ ප්‍රකාශකයින් මීට පෙර පැවසීය.








