රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දීපව්‍යාප්ත වශයෙන් දියත්කර ඇති වැඩවර්ජනය හේතුවෙන් අද (17) දිනයේ රෝහල් රැසක කටයුතු අඩාලවී ඇති බව වාර්තාවේ.
ශ‍්‍රී ලංකා ද්‍යෛසභාවේ සාමාජිකයකු වන විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ නිවසට ඊයේ (16) උදේ එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයට විරෝධය පළ කරමින් මෙම වර්ජනය පැවැත්වේ.
අද (17) උදෑසන 8.00 ට ආරම්භ කල මෙම සංකේත වැඩ වර්ජනය හෙට (18) උදෑසන 8.00 දක්වා ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු ඊයේ (16) දහවල් 12.00 ට ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය 18 වෙනිදා උදෑසන 8.00 දක්වා ක්‍රියාත්මක කරන බවද සංගමයේ උප ලේකම් නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.
වෛද්‍යවරු වැඩ වර්ජනයේ දී සිටියද, හදිසි ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කරන බවද හෙතෙම කීය.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වැනි නීති විරෝධි ආයතන පවත්වා ගෙන යාමට විරුද්ධව ක්‍රියා කරන වෛද්‍යවරුන්ගේ ජීවිතවලට එල්ල වන තර්ජන වහාම නතර කිරීමට රජය මැදිහත් විය යුතු බව සංගමය අවධාරණය කරයි.








