තංගල්ල හෝටලයක දින කිහිපයක් තබා ගනිමින් බාල වයස්කාර දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් බන්ධානාගර ගතව සිටි තංගල්ල නාගරික මන්ත්රී අංජන ලියනගේ ඇප මත මුදා හැර තිබේ.
රුපියල් විසිපන් දහසක මුදල් හා ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැර ඇති අතර ප්රාදේශීය ලේකම් විසින් ඇප සහතික කළ යුතුය.
සෑම මසකම අවසන් ඉරිදා තංගල්ල පොලිසිය පැමිණ වාර්තා කළ යුතු බවද ඇප කොන්දේසිවල සඳහන් වේ.
මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධානාගර ගතව සිටි 10 දෙනකුද ඇප මත මුදා හැර තිබේ.








