කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් පැහැර ගන්නා කල්ලියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.
ග්‍රෑන්ඩ්පාස්, මාවනැල්ල, කළුතර හා කඩුගන්නාව ප්‍රදේශවල පදිංචිකරුවන් සිව් දෙනකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
විදේශ රැකියා ආයතනයක් පවත්වා ගෙන යනු ලබන පුද්ගලයකු පැහැර ගෙන ගොස් ලක්ෂ පනහක මුදලක් ඉල්ලා ඇති මෙම කල්ලිය පසුව ඔහු සතුව තිබූ ජංගම දුරකතනයක් සහ රුපියල් පනස් පන්දහසක මුදලක් පැහැර ගෙන නිදහස් කොට තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව කප්පම් කල්ලිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙවැනි සිදුවීම් පිටුපස සිටින පුද්ගලයින් ඉක්මනින්ම අත්අඩංගුවට ගැනීමට සමත් වන පොලිසිය ආණ්ඩුවට විරුද්ධ මත දරන පුද්ගලයින්ගේ අතුරුදහන් වීම් හෝ පැහැර ගැනීම් සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගැනීමට මෙතෙක් සමත්ව නැත. මේ තරම් දක්ෂ පොලිසියකට එම සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත්තේ මන්දැයි යන්න සැක සහිත බව විද්වතුන්ගේ මතයයි.








