Latest news
A+ R A-

වෛද්‍ය රණසිංහට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ආණ්ඩුවේ ම්ලේච්ඡ වැඩක්

E-mail Print PDF

 

altවෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ නිවසට එල්ල වූ අත් බෝම්බ ප්‍රහාරය ආණ්ඩුවේ ම්ලේච්ඡ ක්‍රියාවක් යැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කරයි. 

වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා‍ මාලඹේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයට එරෙහිව ක්‍රියාකළ අයකු බව පෙන්වා දෙන එම කමිටුව, මීට පෙර වෛද්‍ය ලලිතා මෙණ්ඩිස් මහත්මියට එල්ල වූ මැර තර්ජන පිළිබඳව මෙන්ම වෛද්‍ය නෝනිස් මහතාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව ආණ්ඩුව කිසිදු පරීක්ෂණයක් නොකළ බවත් වගකිව යුත්තන් අත්අඩංගුවට නොගත් බවත් සිහිපත් කරයි.

 

කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) සමාජික වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ නිවසට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට විරෝධය පා වෙද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මගින්  මරදාන සමාජ හා සාමූහික කේන්ද්‍රයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු නිලාන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කළේය.

 

"ඊයේ (16) උදෑසන වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ නිවසට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බව ඔබ අපි හැමෝම දැනගත්තා. මෙය සුවිශේෂී සිදුවීමක් වන්නේ ඒ මහතා විශේෂඥ ශල්‍ය වෛද්‍ය වරයෙකු වීම හින්දම නෙවෙයි, ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) සාමාජිකයෙකු වගේම මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටු ක< වෛද්‍ය වරයෙකු වීම තමයි මෙතන වැදගත් වෙන්නේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යොදාගනිමින්, අනුමැතිය ලබාගන්න පහුගිය දිනවල රජය යෝජනා කීපයක් ඉදිරිපත් කරල තියෙනව. ඒ අතර රටවල් දෙකක කොටස් වශයෙන් තිබෙන පාඨමාලා එනම්, Twinning program වලට අනුමැතිය ලබාදීම, ඉන්දියානු වෛද්‍ය වරුන්ට ලංකාව තුළ සේවය කිරිමට අවස්ථාව ලබාදීම වගේ ඉතාමත් හානි දායක, අධ්‍යාපනයට හා සෞඛයට වින කරන යෝජනා මාලාවක් පරාජයට ලක් උනා. වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා එහිදී ලොකු භූමිකාවක් ඉටු කරපු වෛද්‍යවරයෙක්.පසුගිය දා මාලඹේ උපාධි කඩයට අනුමැතිය ලබාදීමට උත්සහ කිරිමේදී ඒ සඳහා සොයා බලන්න වෛද්‍ය සභාවේ කමිටුවක් පත් කළා.ඒ කමිටුව හරහා මාළඹේ නිරුවත හෙළි කරමින් දිගින් දිගටම මාලඹේ උපාධි කඩයට විරුද්ධව එතුමා කටයුතු කළා. මෙය පලමු සිදුවීම නෙවෙයි. මීට පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිනි වෛද්‍ය ලලිතා මෙන්ඩිස් මහත්මියට එල්ල කල මරණ තර්ජන හමුවේ එතුමිය නියමිත ධූර කාලයට පෙර ඉල්ලා අස් වීමට සැලැස්වූවා.ඊට පස්සේ වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය නෝනිස් මහතාට එතුමාගේ නිවස ඉදිරිපිට දී පොලු පහරක් එල්ල කළා. ඔවුන් සියලු දෙනාම මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඉදිකරමින් කරගෙන යන ආණ්ඩුවේ අධ්‍යාපනය විකිණීමේ මුග්ධ ප්‍රතිපත්තියට විරුද්ධ වූ අය. ඒ කිසිඳු සිදුවීමක සැක කරුවන් අත් අඩංගුවට ගෙන නැහැ.

 

තව දුරත් ගත්තොත් මේවා සිදුවීමෙන් පස්සේ අසාමාන්‍ය විදියට පැයගාණක් ගත වෙලා තියෙනවා පොළිසියට සහ බෝම්බ නිශ්ක්‍රීය අංශයට අදාල ස්ථානයට පැමිණෙන්න. මේ වෙනකොට ආණ්ඩුව කියනවා එතුමා ප්‍රසිධියක් ලබාගන්න තමන් විසින්ම බෝම්බ ගහගෙන කියල.

 

ඒ නිසා හරිම පැහැදිලියි. මේක ආණ්ඩුවේ තවත් මිලේඡ්ච වැඩක්.දැන් වෙන කවුරුත් නැහැ අත් බෝම්බ අරන් ඇවිදින්න පුලුවන් ආණ්ඩුව ඇරෙන්න.තමන්ගේ අමන වැඩ පිලිවෙල තර්ජනය කරමින්, මර්දනය කරමින් ඉටු කරන්න ගනිපු උත්සහයක්.අපි ආණ්ඩුවට කියනව, ආණ්ඩුව හිතනව නම් මේ වගේ නිවට ක්‍රියා වලින් අධ්‍යාපන විකිණීමට විරුද්ධව හඬ නගන බලවේග නිහඬ කරන්න පුලුවන් කියල ඒක විහිලුවක්. අපි ඇතුළත්, ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ එකාපිට එකා මරල දාද්දී නායකත්වය ගන්න තව දහස් ගානක් පෙරට ආපු ව්‍යාපාරයක්.අපි ඒකේ වර්තමාන පරම්පරාව.ඒ නිසා මෙවැනි සිදුවීම් වලින් අපි තවත් පන්නරය ලබමින් අධ්‍යාපන විකිණීමේ වැඩපිළිවෙල හකුලා ගන්නා තුරු අඛණ්ඩව අරගල කරනවා."

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 91 guests online

Advertisment

advertisment