වැල්ලවත්තේ රාමක්‍රිෂ්ණන් ප‍්‍රදේශයේ නිවසක තිබී කාන්තාවන් දෙදෙනකුගේ හා පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරු තුනක් හමුවී තිබේ.
මිය ගොස් ඇත්තේ එකම පවුලේ මව, පියා සහ දියණිය බව පොලිසිය පවසයි. ඔවුන් හැටන්, කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත. ඔවුන් කොළඹට පැමිණ ඇත්තේ මීට දින හතරකට පෙර වන අතර ඔවුන් සමග පැමිණි පුත්‍රයා මේ වන විට අතුරුදහන් ව ඇතැයි පොලිසිය පවසයි.
මෙම ඝාතනවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.







