අවධානයේ අඩුකම හා නොසලකා හැරීම නිසා පියයුරු පිළිකා හා ගැබ්ගෙල පිළිකා විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
කල් තබා පිළිකා හඳුනා ගැනීමේ සායනවලට කාන්තාවන් සහභාගි නොවීම මේ තත්වයට හේතුව බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
සෑම වර්ෂයකම අලුතින් පිළිකා රෝගීන් 15,000ක් පමණ වාර්තා වන අතර පියයුරු පිළිකා හා ගැබ්ගෙල පිළිකා නිසා දින දෙකකට එක් අයකු බැගින් මරණයට පත් වන බවද වාර්තා වේ.
වාර්ෂිකව පියයුරු පිළිකා රෝගීන් 2400කට ආසන්න ප්‍රමාණයක් හා ගැබ්ගෙල පිළිකා රෝගීන් 1200කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වේ.







