Latest news
A+ R A-

ලලිත්, කුගන් නිදහස් කරන්නැයි බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක්

E-mail Print PDF

altයාපනයේදී පැහැර ගන්නා ලද ජන අරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක ලලිත් කුමාර් වීරරාජ් මහතා සහ කුගන් මුරුගානන්දන් මහතා වහාම නිදහස් කරන ලෙසත් ඔවුන්ගේ ජීවිතාරක්ෂාව සහතික කරන ලෙසත් බල කෙරෙන අන්තර් ජාල පෙත්සමකට අත්සන් එකතු කිරීම ලබන 21 වැනිදා ආරම්භ කෙරේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසන්නේ එදින පෙ.ව. 11.00ට ඇතුල් කෝට්ටේ සිංහ සමාජ ශාලාවේදී එම පෙත්සම මහජනතාව වෙනුවෙන් විවෘත කරන බවයි. එම අවස්ථාවට දේශපාලන පක්ෂ නායකයින්, මානව හිමිකම් ක්‍රියාකාරිකයින්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු පිරිසක්ද සහභාගි වීමට නියමිතය.

ලබන 21 වැනිදා සිට www.flsocialistparty.com වෙබ් අඩවිය හරහා එම පෙත්සමට සිය අත්සන එක් කළ හැකි බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 151 guests online

Advertisment

advertisment