යාපනයේදී පැහැර ගන්නා ලද ජන අරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක ලලිත් කුමාර් වීරරාජ් මහතා සහ කුගන් මුරුගානන්දන් මහතා වහාම නිදහස් කරන ලෙසත් ඔවුන්ගේ ජීවිතාරක්ෂාව සහතික කරන ලෙසත් බල කෙරෙන අන්තර් ජාල පෙත්සමකට අත්සන් එකතු කිරීම ලබන 21 වැනිදා ආරම්භ කෙරේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසන්නේ එදින පෙ.ව. 11.00ට ඇතුල් කෝට්ටේ සිංහ සමාජ ශාලාවේදී එම පෙත්සම මහජනතාව වෙනුවෙන් විවෘත කරන බවයි. එම අවස්ථාවට දේශපාලන පක්ෂ නායකයින්, මානව හිමිකම් ක්‍රියාකාරිකයින්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු පිරිසක්ද සහභාගි වීමට නියමිතය.
ලබන 21 වැනිදා සිට www.flsocialistparty.com වෙබ් අඩවිය හරහා එම පෙත්සමට සිය අත්සන එක් කළ හැකි බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.








