ආචාර්ය ගැටළුව විසඳා විශ්වවිද්‍යාල විවෘත කරන ලෙසත්, අසාධාරණයට ලක් වූ සියළු උසස් පෙළ සිසුන්ට සාධාරණය ඉටුකරන ලෙසත් ආණ්ඩුවට බලකරමින් විවෘත විශ්වවිද්‍යාලයීය සිසුන් ඊයේ දිනයේ (19) නාවල විවෘත්ත විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට නුගේගොඩ නගරය දක්වා උද්ඝෝෂණ පාගමනක් පවත්වන ලදී. මේ සඳහා සියළු පීඨ නියෝජනය කරමින් සිසුන්විශාල පිරිසක් සහභාගී වූ බව වාර්තා වේ.












