යාපනයේදී පැහැර ගන්නා ලද ජන අරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක ලලිත් කුමාර් වීරරාජ් මහතා සහ කුගන් මුරුගානන්දන් මහතා වහාම නිදහස් කරන ලෙස බලකරමින් අද දින (20) පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් දිවයින පුරා පෝස්ටර් ව්‍යාපාරයක් දියත්කර තිබිණ.
ඔවුන් විසින් අද දින අලවන ලද පෝස්ටර් පොලීසිය යොදාගනිමින් ඉරා දැමූ බවත් එය එසේ කළ නොහැකි ස්ථානවල තිබූ පෝස්ටර් මතුපිටින් සුදු කඩදාසියක් අලවා ඇති බව එම පක්ෂයේ නියෝජිතයකු අප සමග පැවසීය.
ලලිත් කුමාර් වීරරාජ් මහතා සහ කුගන් මුරුගානන්දන් මහතා යතුරු පැදියකින් ගමන්කරමින් සිටියදී 2011 දෙසැම්බර් මාසයේ 09 වන දින යාපනයේ අච්චුවේලී ප‍්‍රදේශයේදී රජයේ ආරක්ෂක අංශ පැහැරගත් බවට ඔවුන් චෝදනා කරයි.










