චීනයේ ගුවන් යානා නිපදවන කැටික් සමාගමට කොළඹ ගාලු පාරේ ඉඩමක් විකිණීම සම්බන්ධව ඉන්දීය රජය ශ්‍රී ලංකාවට සිය විරෝධය පළකර ඇත. ඉන්දීය විදේශ අමාත්‍යංශය මේ ඉඩම විකිණීම පිළිබඳ තම රජයේ අප්‍රසාදය නවදිල්ලියේ ඉන්දීය මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා වෙත ද දැනුම් දී ඇත.
මෙම ඉඩමේ අයිතිය පෞද්ගලික සමාගමක් සතු වන අතර ඉන්දීය රජය ද මෙහි සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලබාගෙන තිබිණි.
කෙසේ නමුත් පසුව මෙම ඉඩම චීනයේ කැටික් සමාගමට විකුණා ඇති බව හෙළිවීමෙන් ඉන්දියාව කලබල වී ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.
මෙම ඉඩමේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටියකට අධිකය.






