Latest news
A+ R A-

Warning: file_get_contents(http://api.flickr.com/services/rest/?photoset_id=72157631184999652&per_page=30&page=1&extras=url_t%2Curl_m%2Cowner_name&api_key=749261ac0bf1a95eb467311402eb1ab5&method=flickr.photosets.getPhotos&format=php_serial) [function.file-get-contents]: failed to open stream: HTTP request failed! HTTP/1.0 403 Forbidden in /home/lviews/public_html/sn/plugins/content/myFlickr/myFlickr.class.php on line 81

අන්තර්ජාල පෙත්සමට සංවිධාන රැසක සහාය

E-mail Print PDF

altයාපනයේදී පැහැර ගන්නා ලද ලලිත් කුමාර් වීරරාජ් මහතා සහ කුගන් මුරුගානන්දන් මහතා වහාම නිදහස් කරන ලෙස බල කිරීම සඳහා අන්තර්ජාල පෙත්සමකට අත්සන් තැබීම අද ආරම්භ කරන ලදී. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය එය සංවිධානය කරනු ලැබීය. එහි සමාරම්භක අවස්ථාව ඇතුල්කෝට්ටේ ‘සිංහ’ සමාජ ශාලාවේදී පැවැත් විණි.

මෙම අන්තර්ජාල පෙත්සමට පළමු අත්සන තබන ලද්දේ ලලිත් කුමාර් වීරරාජ් මහතාගේ පියාණන් වන ආරුමුගම් වීරරාජ් මහතාය. ඉන් පසුව ප‍්‍රවීණ කලාකරු ප‍්‍රසන්න විතානගේ, ෆ‍්‍රී මාර්ච් නීතිඥ සංවිධානය වෙනුවෙන් නීතිඥ මංජුල පතිරාජ, නීතිඥ ගුණරත්න වන්නිනායක, ජනතා නීතිඥ සංගමය වෙනුවෙන් නීතිඥ පරාක‍්‍රම අගලවත්ත, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය වෙනුවෙන් මාධ්‍යවේදී ධර්මසිරි ලංකාපේලි, ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ කැඳවුම්කරු චන්දන සිරිමල්වත්ත, නව සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික එන්. ජෙනගන්, සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහින්ද දේවගේ, මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් සුරේන්ද්‍ර අජිත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දිමුතු ආටිගල, පීපල්ස් මාච් සංවිධානය වෙනුවෙන් ඒ.ඞී.පී රත්නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර, අතුරුදහන්ගේ ඥතීන්න්ගේ සංගමයේ කැඳවුම්කරු මහේන්ද්‍රන්, ලංකා ගුරුසංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින්, සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ආර්. ඩබ්. රණසිංහ, අධ්‍යාපන හා පර්යේෂණ විද්වත් ජාලය වෙනුවෙන් වෛද්‍ය ජේ.ඞී. ඩයස්, මානව හිමිකම් ක‍්‍රියාකාරික සත්‍යවේල් පියතුමා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, එම සංගමයේ ප‍්‍රධාන ලේකම් ආචාර්ය මහිම් මෙන්ඩිස්, දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය වෙනුවෙන් කුලසීලන් යන මහත්ම මහත්මීහු ඊට අත්සන් කළහ.

මෙම අවස්ථාවට සමගාමීව  ඕස්ටේ‍්‍රලියාවේ හා එංගලන්තයේද අන්තර්ජාල පෙත්සමට අත්සන් තැබීම සිදු වූ අතර එම අවස්ථාවන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සජීවීව විකාශය කරන ලදී. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා සහ  ඕස්ටේ‍්‍රලියාවේ වාමාංශික පක්ෂ නියෝජිතයින් පිරිසක්  ඕස්ටේ‍්‍රලියාවේදී පෙත්සමට අත්සන් තැබීමට එක් වූ අතර එංගලන්තයේ වාමාංශික පක්ෂ නියෝජිතයින් පිරිසක් එහි පැවති පෙත්සමට අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගි වූහ.

පෙත්සම අත්සන් කිරීමේ සමාරම්භක අවස්ථාවට පැමිණි කලාකරුවන්, විද්වතුන්, නීතිඥයින්, මාධ්‍යවේදීන්, සමාජ ක‍්‍රියාකාරිකයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු පිරිස පිළිගනිමින් අදහස් පළ කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා මෙසේ පැවසීය.

”ලලිත් සහ කුගන් යාපනයට රැගෙන ගිය පණිවිඩය වුණේ සිංහල, දෙමළ, මුස්ලිම් අප සියලූම දෙනාට පොදු පීඩාවක් තිබෙනවා, ඒ පොදු පීඩාවට විරුද්ධව එක්ව අරගල කළ යුතුයි කියන පණිවිඩය. ඒ පොදු පීඩාවට එරෙහිව අත්වැල් බැඳ ගනිමු කියන පණිවිඩය.

ඒ නිසා කවුරුහරි ඔවුන් නතර කරන්න හදනවා නම් ඒ අය කරන්නේ ප‍්‍රතිගාමී ක‍්‍රියාවක්. ආණ්ඩුව කියන්නේ තමන් සිදු කරමින් ඉන්නේ ත‍්‍රස්තවාදය මර්දනය කිරීම කියලා. නමුත් ඒක එහෙම නොවන බව ලලිත් සහ කුගන් පැහැර ගැනීමෙන් හෙළිදරව් වුණා. ආණ්ඩුව කරමින් සිටින්නේ ත‍්‍රස්තවාදය මර්දනය කිරීම නොවෙයි. තමන්ට විරුද්ධ මත දරන්නන් මර්දනය කිරීම. ආණ්ඩුව ජාතිවාදය, ආගම්වාදය හා වර්ගවාදය වපුරද්දී ඊට එරෙහිව ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කරන අය වෙත මර්දනය ගෙන එනවා නම් ඒක ඉතාමත්ම ප‍්‍රතිගාමී කටයුත්තක්. ඒ නිසා ආණ්ඩුව කරන්නේ සමාජ සංවර්ධනයට එරෙහි යුද්ධයක්. ඒ නිසාම ලලිත් සහ කුගන් නිදහස් කරන ලෙස බල කිරීම කාලයක් තිස්සේ ක‍්‍රියාත්මක කරන අත්තනෝමතිකත්වයට එරෙහිවීමක්.”

නීතිඥ ගුණරත්න වන්නිනායක

”ආණ්ඩුව පොලිසිය යටත් කර ගත්තා සේ විනිසුරුවරුන් යටත් කර ගන්න උත්සාහ කරමින් ඉන්නවා. නීතිඥයින් විසින් ගෙන ගිය විරෝධතාව නිසා ආණ්ඩුවට තමන් කැමති විදියට වැඩ කරන්න බැරි වුණා. අද සාමාන්‍ය ජනතාවට පොලිසියෙන් සහනයක් ලැබෙන්නේ නැහැ. ඒක පැහැදිලියි.  ඒ වගේම එවැනි තත්වයකට අධිකරණයත් පත් වෙලාද කියන සැකය අද කතා බහට ලක් වෙමින් තිබෙනවා. අද රට තුළ ඍජු අර්ධ හමුදා මිලිටරිකරණයක් ක‍්‍රියාත්මකයි. මේ පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම් නතර කරන ලෙස අරගල කරන්න අපි සූදානම්.”

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා

”මේ පැහැර ගැනීම ගැන බලධාරීන්ට චෝදනා එල්ල වී තිබියදීත් ඔවුන් වගකීම් සහගතව නොවෙයි හැසිරෙමින් සිටින්නේ. මෙය හුදකලා සිදුවීමක් නොවෙයි. අප මෙය විග‍්‍රහ කර ගත යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය හැකිලීමක් ලෙසයි. මේ ඉරණමට ගොදුරු වන පුද්ගලයින් කවර දේශපාලන මතිමතාන්තර දැරුවත් ඒ සියල්ල නොතකා පුරවැසියන් ලෙස ඔවුන් නිදහස් කරන ලෙස බල කිරීමට අපි මැදිහත් විය යුතුයි.”

ජෝෂප් ස්ටාලින් මහතා

”සැමට සමානව දේශපාලනය කිරීමේ අයිතිය තිබෙනවා කියන තත්වයක් යටතේයි මේ පැහැර ගැනීම සිදු වී තිබෙන්නේ. අවුරුදු තුනක යුද්ධයෙන් පස්සේ උතුරේ ජනතාවට තවමත් නිදහසේ අදහස් පළ කිරීමේ අයිිතිය ලැබී නැහැ. අද ජීවත් වීමේ ගැටලූ ගැන රට පුරා අරගල මතු වෙනවා. ඒ අරගල මර්දනය කරන්න ආණ්ඩුව මේ අතුරුදහන් කිරීම් පාවිච්චි කරනවා. මේ තත්වය පරාජය කරන්න මැදිහත් වීම සියලූ දෙනාගේම වගකීමක්.

සත්‍යවේලූ පියතුමා

”ලලිත් සහ කුගන් පැහැර ගෙන ගියේ ඔවුන් රාජ්‍ය ත‍්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කළ නිසා. යුද්ධය අවසන් වුණාට පස්සේ උතුරේ දෙමළ ජනතාවට නිදහස තිබෙනවා කිව්වාට ජනතාවට ලැබුණු නිදහසක්  නැහැ. එහි නිදහස තිබෙන්නේ රාජ්‍ය ත‍්‍රස්තවාදයටයි එය ක‍්‍රියාත්මක කරන පුද්ගලයින්ටයි පමණයි. ඒ නිසා මේ තත්වයට එරෙහිව වෙනස් දේශපාලනයක් අවශ්‍යයි.”

ධර්මසිරි ලංකාපේලි මහතා

”ලලිත් සහ කුගන් පැහැර ගැනීම රට තුළ තමන් කැමති මතයක් දරන්න ඉඩක් නැහැ කියන එක සනාථ කරන සාධකයක්.  ප‍්‍රගීත් එක්නැලිගොඩ ගැන අදටත් තොරතුරක් නැහැ. ලලිත් සහ කුගන් නිදහස් කර ගැනීම සඳහාත් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහාත් ගෙන යන අරගලයට මාධ්‍ය සංවිධාන ලෙස අප සහාය පළ කරනවා”

සුරේන්ද්‍ර අජිත් මහතා

”ධනපති පාලකයින් ඉතිහාසය පුරා ක‍්‍රියාත්මක කළ එක් උපක‍්‍රමයක් තමයි ජනතාව භේද කරලා ඇන කොටා ගැනීමට සැලැස්වීම. බෙදා වෙන් කර පාලනය කිරීම. ලලිත් සහ කුගන් වැදගත් වෙන්නේ ඔවුන් ඊට විරුද්ධ පැහැදිලි දැක්මක් සහිතව, උතුර, දකුණ, වතුකරය එකතු වෙන්න  ඕන කියන දැක්මෙන් යුතුව එඩිතරවත් නිර්භයවත් ආදර්ශවත්වත් කටයුතු කළා. විශේෂයෙන්ම දෙමළ ජනතාව පත් කර තිබෙන පීඩාවට එරෙහිව ඔවුන් අරගල කළා.”

ආචාර්ය මහිම් මෙන්ඩිස් මහතා

”ලලිත් සහ කුගන් නිදහස් කර ගැනීම සඳහා ගෙන යන සටනට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සහාය පළ කරනවා. රාජ්‍ය මැදිහත් වීමෙන් ඇති කර තිබෙන මේ හිංසනය පරාජය කළ යුතුයි. එහෙම නැතිනම් මේ සමාජයට ඉදිරියට යන්න බැහැ. මේ වියරුවට එරෙහිව අප සටන් කර මේ හිංසනය පරාජය කොට ශිෂ්ඨ සම්පන්න සමාජයක් ගොඩනැගිය යුතුයි”

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර මහතා

”ලලිත්ව අවස්ථා ගණනාවකදීම හමුදාවෙන් සහ පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. පහර දුන්නා. ඒ සෑම අවස්ථාවකදීම ඔහුට තර්ජනය කළේ උඹ වෙන  ඕනෑ තැනක දේශපාලනය කරපං. ඒත් යාපනයේ දේශපාලනය කරන්න එන්න එපා කියලා. නමුත් ඔහු ඒ තර්ජනයට යට වුණෙ නැහැ. අද අපි සියලූ දෙනාටම මිනිස්කම වෙනුවෙන් පෙළ ගැහෙන්න බල කර තිබෙනවා.”

 

Err :

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 166 guests online

Advertisment

advertisment