ශ්‍රී ලංකාව මානව හිමිකම් ක්‍රියාකාරිකයින්ට තර්ජන සිදු කරන රටක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
විශේෂයෙන්ම පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත වීමෙන් පසුව එම තත්වය උග්‍ර වී ඇතැයිද එම සමුළුවට සහභාගි වූ සුනිලා අබේසේකර හා නිමල්කා ප්‍රනාන්දු යන අයට එහි ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් තර්ජන එල්ල වූ බවද එක්සත් ජාතීන්ගේ වාර්තාවක් සඳහන් කරයි. සිය සැමියා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ අවධානය යොමු කිරීමට ගිය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට මුහුණ පෑමට සිදු වූ කණගාටුදායක තත්වයද එම වාර්තාවට ඇතුළත්ව තිබේ.








