වෛද්‍ය පීඨ හැර සියලු සරසවි වසා දැමීම පිටුපස ඇත්තේ දේශපාලන වුවමනාවක් බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තීරණය ගැනීමට සැබෑ හේතුව ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිත සරසවි ආචාර්යවරුන්ගේ රැස්වීමට සිසුන් සහභාගි වීම වැළැක්වීම බවද එම ආරංචි මාර්ග අනාවරණය කරයි.
සරසවි වසා දැමූ පසු නේවාසිකාගාරවල රැඳී සිටීම සිසුන්ට තහනම් වන නිසා ඔවුන්ට නිවෙස් බලා යාමට සිදු වේ. සිසුන් නේවාසිකාගාරවල රැඳී සිටියහොත් ඔවුන් ආචාර්යවරුන්ගේ රැලියට සහභාගිවීමට ඉඩ ඇතැයි යන්න ආණ්ඩුවේ ගනන් බැලීම වී තිබේ.








Comments
You should realize that closing universities will never solve the problem of education system in this system.