සිය බිරිඳට පහර දුන්නේ යැයි එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර මහතා අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය පවසයි.
මන්ත්‍රීවරයාගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදු කෙරේ. ඇය පොලිසියට පවසා ඇත්තේ මන්ත්‍රීවරයා දිගින් දිගටම තමන්ට පහර දෙන බවයි. ඇය මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.







