ජපානයේ විශේෂ නියෝජිත යසුසි අකාෂි මහතා 22වැනි වතාවටත් දිවයිනට පැමිණෙයි. ඔහු පැමිණීමට නියමිතව ඇත්තේ අද ය.
ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාදාමය ගැන දැක බලා ගැනීමට ඔහු පැමිණෙන බව ආණ්ඩුව පැවසුවද ආරංචි මාර්ග සඳහන් කරන්නේ ආණ්ඩුව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ලබා දුන් පොරොන්දු ඉටු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම ඔහුගේ සංචාරයේ ප්‍රධාන අරමුණ බවයි.
අකාෂි මහා සිය සංචාරය තුළදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් හා රජයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.








