එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කිරීම වසර 6කට වරක් වන සේ එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන තිබූ තීරණය වළකාලමින් ගල්කිස්ස දිසා අධිකරණය ලබා දී තිබූ වාරණ නියෝගය සැපැතැම්බර් 05 දක්වා අද යළිත් දීර්ඝ කෙරිණ.
දැනට වසරක කාලයකට සීමාවී ඇති නායකත්වය වෙනස් කිරීමේ කාල සීමාව වසර 6 දක්වා දීර්ඝ කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගියදා තීරණය කරනු ලැබීය.
කෙසේ වෙතත් එම තීරණය පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් දකුණු පළාත් සභා මන්ත්‍රී නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ගල්කිස්ස දිසා අධිකරණය හමුවේ මෙම නඩුව පවරණු ලැබීය.






