සිය වෘත්තීය අරගලය සහ විශ්වවිද්‍යාල තුළ මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සහ සිය ඉල්ලීම් වහා විසදන ලෙස රජයට බලකරමින් විරෝධතා රැලියක් සංවිධානය කිරීමට විශ්වවිද්‍යාල ආදාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ.
අද (23) ප.ව. 04.00ට පමණ කොළඹ හයිඩ් පිටියේදී මෙම විරෝධතා රැලිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. රැලියට පෙර ආචාර්යවරුන්, වෘත්තීය සමිති, සහ තවත් සංවිධාන රැසක නියෝජිතයින් සහභාගීවන විරෝධතා පෙළපාලියක්ද සංවිධානය කර ඇති බව වාර්තාවේ.








