කොරියාවේ රැකියා ලබා දීම සදහා මූලිකව සිදුකෙරෙන විභාගයේදී විදේශ ගමන් බලපත්‍ර සැකසීමේ මුවාවෙන් අයදුම්කරුවන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් අයකර ගෙන ඇති බව වාර්තාවේ.
මෙවර විභාගය සඳහා අයදුම් පත් 75000කට අධික ප්‍රමාණයක් ලැබී තිබූ අතර විභාගය පැවැත්වීමට දින කිහිපයක් තිබියදී ඒ සදහා පෙනී සිටීමට විදේශ ගමන් බලපත්‍රය අනිවාර්ය බව දැනුම්දී ඇත. ඒ අනුව සියලුම අයදුම්කරුවන්ට විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට සිදුව ඇත්තේ එක් දින සේවයෙනි. සාමාන්‍ය යෙන් විදේශ ගමන් බලපත්‍රය ලබා ගන්නා ක්‍රමවේදය සදහා රුපියල් 2500ක් වැයවන අතර එක් දින සේවය සදහා රුපියල් 7500ක මුදලක් වැයවේ. ඒ අනුව මෙලෙස විදේශ ගමන් බලපත්‍රය අනිවාර්ය කිරීම හරහා අයදුම්කරුවන්ගෙන් කෝටි ගණනක මුදලක් ලබා ගැනීමට රජය කටයුතු කර තිබේ.








