රුහුණ විශ්වවිද්‍යාලයේ දෙවන වසර මානව ශ්රාස්ත්ර හා සමාජීය විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ කව්මිණි නිශානි ලියනගේ හා මනීෂා තිලිණ අලවත්ත සිසුවියන් දෙදෙනා නවකවද චෝදනාව යටතේ මාතර බන්ධනාගාරයේ සිරගතකොට දැනට දින 58 ට ආසන්න වෙමින් පවති.
නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට විරුද්ධව රුහුණ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය හා එම සිසුවියන් දෙදෙනාගේ දෙමව්පියන් විසින් ඊයේ (22) දින මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් ගොනු කරන ලදි.
කිසිඳු චෝදනා ගොනු කිරීමකින් තොරව ද්වේශ සහගත ලෙස දින ගණනාවක් බන්ධනාගාරගත කර තැබීම නිසා එම සිසුවියන් දෙදෙනාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීඇති බවට, මාතර පොලීසියේ ස්ථානාධිපතිතුමන් හා රුහුණ විශ්වවිද්‍යාලීය උපකුලපතිතුමන් වග උත්තරකරුවන් කොට මෙම පැමිණිල්ල ගොනු කරන ලදී.







