ගුරු සහයකයින්ගේ දීමනාව රුපියල් 6000 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙතෙක් කාලයක් ගුරු සහයකයින්ට ලබා දුන්නේ රුපියල් 3000ක දීමනාවකි.
කෙසේ වෙතත් මෙම දීමනා වැඩි කිරීම කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ගුරු සංගම් පෙන්වා දෙති.








