සියලු ජාතික ප්රජාවන්ට සමාන අයිතිවාසිකම් දෙන සහ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස බල කරමින් අද පෙරවරුවේ ත්රිකුණාමලය නගරයේදී විරෝධතා බැනරයක් අත්සන් තබන ලදී.
මානව හිමිකම් සඳහා ක්රියාකාරිකයෝ සංවිධානය විසින් සංවිධානය කර තිබූ මෙම අවස්ථාවට දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, මානව හිමිකම් ක්රියාකාරකයින් සහ දේශපාලන සිරකරුවන්ගේ පවුල් වල සමාජිකයන් රැසක් සහභාගී වූහ.
මානව හිමිකම් සදහා ක්රියාකාරිකයෝ සංවිධානය විසින් මෙම බැනරයට මීට පෙර කොළඹ කොටුවේදී සහ වවුනියාව නගරයේදී අත්සන් ලබා ගැනීම සිදුකරන ලදී. බැනරයට අත්සන් තැබීම දිවයින පුරා සියලු දිස්ත්රික්ක ආවරණය වන අයුරින් සිදුකිරීමට තම සංවිධානය කටයුතු කරන බව මානව හිමිකම් සදහා ක්රියාකාරිකයෝ සංවිධානයේ ප්රකාශකයකු පැවසීය.










