මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරෙන ‘රිදී සිත්තම්’ටෙලි නාට්‍ය නිෂ්පාදන කටයුතු සඳහා රාජ්‍ය දේපළ යොදාගෙන ඇත. පසුගියදා එම ටෙලි නාට්‍යයේ විකාශය වූ කොටසක රූප රාමුවල තිබූ උඡුක් 2011/2012යන වාහනය රාජ්‍ය වාහන සංචිතයට අයත්ය. රාජ්‍ය වාහන කිසිසේත්ම පෞද්ගලික කටයුතු සඳහා යොදවා ගැනීම නීතියෙන් තහනම්ය.
එහෙත් මෙම වාහන දෙක මෙම ටෙලි නාට්‍යය රූගත කිරීම සඳහා යොදවාගෙන ඇත්තේ එහි නිෂ්පාදන කටයුතු කරනු ලබන සමාගමේ හිමිකරුවා වන මෑතකදී විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට මාරු වූ දකුණු පළාත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයාගේ දේශපාලන හයිය නිසා බව කියැවේ.








