A+ R A-

මුස්‌ලිම් කොංග්‍රස්‌ අර්බුදය උත්සන්න කරමින් නි.ඇමැති බෂීර් ඉල්ලා අස්‌වෙයි

E-mail Print PDF

 

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය අභ්‍යන්තරයේ පවතින අර්බුදය උත්සන්න කරමින් අද (23) එම පක්‍ෂය නියෝජනය කරන මඩකලපුව දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී බෂීර් සේගුදාවුද් මහතා තමන් දැරූ සමුපකාර අභ්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌විය.

හෙතෙම සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටත් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැතිවරයාටත්, අමාත්‍යංශ ලේකම්වරයාටත්, මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රවුෆ්හකීම් මහතාටත් යවා තිබේ. රජය සමග කටයුතු කරන්නේ නම් රජයට සම්බන්ධ පක්‍ෂයකින් මැතිවරණ කටයුතුවල නියෑළිය යුතු බවටත් තනි පක්‍ෂයකින් මැතිවරණයට මුහුණ දෙන්නේ නම් රජයේ සම්බන්ධයකින් තොරව මුහුණ දිය යුතු බවත් පවසන ඒ මහතා රජයේ සම්පත් භාවිත කරමින් රජයේ කීර්ති නාමය උපයෝගී කර ගනිමින්, නැගෙනහිර පළාත් සභා මැතිවරණ කටයුතුවල නියෑළීමට තමන් කිසිසේත්ම කැමැත්තක්‌ නොදක්‌වන බවත් තමන් මෙම තීරණය ගනු ලැබුයේ හෘද සාක්‌ෂියට එකඟව බවත් ඉල්ලා අස්‌වීමේ ලිපියේ සඳහන් කර තිබේ.

තමා කෙරෙහි දැක්‌වූ විශ්වාසයත් තම රාජපාක්‌ෂිකභාවයත් අවංකභාවයත් සැලකිල්ලට ගෙන ජනාධිපති විසින් තමන්ට පැවරූ නියෝජ්‍ය ඇමැති ධුරයට ස්‌තුති කරන බෂිර් සේගුදාවුද් මහතා මින් ඉදිරියටත් ජනාධිපතිට තම පූර්ණ සහයෝගය නොකඩවා ලබා දීමට අවංකවම කටයුතු කරන බවද එම ලිපියේ සඳහන් කර තිබේ.

නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීම පිළිබඳව නිවේදනයක්‌ නිකුත් කරන බෂිර් සේගුදාවුද් මහතා නියෝජ්‍ය ඇමැති ධුරයට වඩා කැබිනට්‌ ඇමැති ධුරයක්‌ බලාපොරොත්තුවෙන් කටයුතු කරන බවට තමන් වෙත විවිධ චෝදනා එල්ල වී ඇති බවත් තමන්ට දේශපාලනය කිරීමට බලතල අවශ්‍ය නැති බව පෙන්වීමට මෙලෙස ඉල්ලා අස්‌වූ බවත් සඳහන් කරයි.

නැගෙනහිර පළාත් සභාවට තරග කිරීම සම්බන්ධයෙන් පක්‍ෂ අභ්‍යන්තරයේ පැවැති සාකච්ඡාවලදී කොංග්‍රසය තරග කළ යුත්තේ ආණ්‌ඩුව සමග හෝ විපක්‍ෂය සමග එක්‌ වී බවට සංවාද කළ බවත් එලෙස තරග කළහොත් මුස්‌ලිම්වරුන්ගේ ස්‌ථාවරය පැහැදිලිව දැනගත හැකි බවත් පෙන්වා දුන් බව හෙතෙම පවසයි.

එමෙන්ම තනිව තරග කරනවා නම් ආණ්‌ඩුව තුළ දරන තනතුරුවලින් ඉවත්වී තනි පක්‍ෂයක්‌ ලෙස ශක්‌තිමත්ව ඉදිරිපත්විය යුතු බවට තර්ක කළ බවද පෙන්වා දෙයි.

මේ නිසා තමන්ට විරුද්ධව විවිධ බොරු චෝදනා එල්ල කරන බවත් තමන්ට දේශපාලනය කිරීමට බලය අවශ්‍ය නොවන බවත් ප්‍රකාශ කර සිටී. තමන්ට කැබිනට්‌ ඇමැති ධුරයක්‌ අවශ්‍ය නම් ඉකුත් 2010වර්ෂයේදී තවත් පිරිසක්‌ සමග ආණ්‌ඩුවට එක්‌වීමට ආරාධනා කර තිබූ අවස්‌ථාවේදී ලබාගන්නා බවත් කී ඒ මහතා තමන් එසේ නොකළේ පක්‍ෂයට ඇති ආදරය හා ලැදියාව නිසා බවද සඳහන් කරයි.

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 121 guests online

Advertisment

advertisment