කොළඹ කොටස් වෙළෙඳපොළ 2012වසරේ මුල සිට මේ දක්‌වා ගෙවී ගිය කාලයේදී සියයට 17.2කින් පහත වැටී ඇත.
මේ අනුව 2012වසර මුලදී වාර්තා වූ ඒකක 6074.4ක් සමස්‌ත මිල දර්ශක අගය ඉකුත් අගෝස්‌තු 22වැනිදා වන විට ඒකක 5027.4දක්‌වා පහත වැටී තිබේ.
මේ අතර වසර මුලදී ඒකක 5229.2ක්‌වූ මිලංකා මිල දර්ශකය ද ඉකුත් අගෝස්‌තු 22වැනිදා ඒකක 4693.9දක්‌වා පහත වැටී තිබේ.








