Latest news
A+ R A-

කටුගෙයි බඩු වලස්මුල්ලෙනුත් හමුවෙයි

E-mail Print PDF

 

කොළඹ ජාතික කෞතුකාගාරයෙන් සොරාගත් බවට සැකකරන තවත් භාණ්ඩ තොගයක් වලස්මුල්ල ප‍්‍රදේශයේ නිවසකින් සොයාගෙන තිබෙන බව පොලීසිය පවසයි. එම බඩු සමග සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බවත්, තවත් සැකකරුවෙකු පලාගොස් තිබෙන බවත් පොලීසිය පවසයි.

මෙම වැටලීම සිදු කර ඇත්තේ හෝමාගම පොලීසිය විසිනි.  ඉකුත්දා අත්අඩංගුවට ගැනුනු සැකකාරියකගෙන් ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කළ බව එම පොලීසිය සදහන් කරයි.

සොයා ගත් භාණ්ඩ තොගයට රිදී මාල, වලලූ, මංජුසා, ඉන පටි සහ කිල්ලෝට කිහිපයක්ද අයත්වේ. ඒවා කොළඹ ජාතික කෞතුකාගාරයෙන් සොරාගත් භාණ්ඩ දැයි තහවුරු කිරීමේ පරීක්ෂණ අද සිදු කිරීමට නියමිතය.

මේ අතර ජාතික කෞතුකාගාරයෙන් සොරාගත් කඩු සහ වෙනත් භාණ්ඩවල ඔබ්බවා තිබූ මැණික් ගල් 350ක් ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ නිවසකින් සොයා ගත් බව  පොලීසිය පවසයි. කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම වැටලීම සිදු කර ඇත.

කෙළඹ නගර සභාවේ අනියම් සේවකයෙකු වන ත‍්‍රිරෝද රථ රියැදුරෙකුට  එම නිවස අයිතිවේ.  වැලිගම් ප‍්‍රදෙශයේදී ඉකුත්දා අත්අඩංගුවට ගැනුනු ඔහු කෞතුකාගාරයෙන් සොරාගත් භාණ්ඩ වෙනත් අයට අලෙවි කිරීමේ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කර ඇත.

තැරැව්කාර ගාස්තු ලෙස ඔහු විසින් ලබාගෙන ඇති මුදල රුපියල් ලක්ෂයකි. එම මුදලින් ඔහු විසින් බිරිඳට රත‍්‍රං වලල ජෝඩුවක් සහ දියණියට කරාබු ජෝඩුවක් මිලදී ගෙන තිබේ.

 ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේදීම පෙරේදා අත්අඩංගුවට ගැනුනු ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකුගෙන් එම තොරතුරු හෙළිවී ඇත. එම ව්‍යාපාරිකයා ළඟ තිබී රන්කාසි 30ක් , රිදියෙන් නිමවන ලද මිට 3ක් සොයා ගෙන තිබේ.

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 27 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 27 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාතට... Read more

online

We have 104 guests online

Advertisment

advertisment