ඊයේ (23) දිනයේදී පානදුර මුහුදු තීරයේදී මුහුදුබත් වූ නැවෙන් කාන්දුවන තෙල් මීගමුව ප්‍ර දේශයේ වෙරළ තීරයට පැතිර ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
ඊයේ දහවල් වන විට සම්පූර්ණයෙන්ම ගිලුනු නැවෙන් තෙල් කාන්දුවීමත් සමඟ එම තෙල් මේවන විට වෙරළ තීරය දෙසට පැතිර යමින් තිබේ. වෙරළ තීරය අවට තුනී තෙල් තට්ටුවක් දක්නට ඇති බවත් මේ පිළිබඳව සමුද්‍රජීවි ආරක්ෂණ අධිකාරියේ ද සහයෙන් අධ්‍යයනය කරන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේය.
කෙසේ වෙතත් ඕනෑම හදිසි අවස්ථාවක් වුවහොත් ත්‍රිවිද හමුදාවේ ද සහය ලබා ගන්නා බවත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පැය 24පුරා අදාළ අංශ සුදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.








