හිටපු ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්තේ මහතා සතුව තිබූ කෝටි අටකට ආසන්න මුදලක් ඉපැයූ ආකාරය හෙළි කිරීමට නොහැකිවීම හේතුවෙන් අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමෙන් නඩු භාණ්ඩයක්ව තිබූ එම මුදල හැටන් නැෂනල් බැංකුවට බැරකරන ලෙස මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා අද (24) නියෝග කළේය.
එම මුදල්වල හිමිකාරිත්වය ඇත්තේ අනුරුද්ධ මහතාගේ පුතුන්වන ලෝහාන් රත්වත්තේ හා මහේන්ද්‍ර රත්වත්තේ යන දෙදෙනාට බවද ඒවා තමන්වෙත ලබා දෙන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමක් අද කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය කළේය.
මෙම මුදල හැටන් නැෂනල් බැංකුවේ සේප්පුවක තිබී රහස් පොලිසිය විසින් සොයාගෙන තිබිණි. කෙසේවුවද රත්වත්තේ මහතා මියයාමට පෙර අදාල අල්ලස් නඩුවේදී සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ එම මුදල් තමාට අයිති නැතිබවත් ඒවායේ අයිතිය ඇත්තේ තම පුතුන්ට බවයි.






