වැල්ලවත්ත රාම ක‍්‍රිෂ්ණ ටෙරස්හි ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි මිය ගිය යුවලගේ පුත‍්‍රයා වන ප‍්‍රභාත් කුමාරස්සාමි නැමැත්තා අද (24) පෙරවරු10.45 ට පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විසිඅට හැවිරිදි සැකකරු කොළඹ සිට කුරුණෑගල දක්වා ගමන් කල පුද්ගලික මගී ප‍්‍රවාහන බස් රථයක ගමන් කරමින් සිටියදී කඩවත ප‍්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරු මේවන විට කොළඹ අපරාධ කොට්ඨාශයට රුගෙනවිත් ඇති බවද වාර්තා වේ. අදාල පුද්ගලයාගේ ජායාරූපය මාධ්‍ය ආයතන විසින් පසුගියදා පල කළ අතර එම ජායාරූපය දැකීමෙන් බස් රථයේ සිටි මගියෙක් පොලිසියට තොරතුරු සැපයීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.







