Latest news
A+ R A-

මැතිවරණ නොමැති පළාත්වල උපාධිධාරීන්ට රැකියා ලබා දීමට මැ.කො. එකඟ වේ

E-mail Print PDF

 

2010 සහ 2011 වසරවල උපාධි ලැබූ උපාධිධාරීන් හට රැකියා ලබාදීම මැතිවරණ සමය නිසා සිදුකළ නොහැකි බවට ආණ්ඩුව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අද (24) මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ.

2010-2011 වසර වල උපාධිධාරීන්ට රැකියා ලබා නොදෙන බවට ආණ්ඩුව මීට පෙර ප්‍රකාශ කර තිබුණු අතර එහිදී රැකියා විරහිත උපාධිධාරීන් එම තීරණයට එරෙහිව අරගල කළ අතර අනතුරුව ඔවුන්ට රැකියා ලබා දීමට එකඟ විය. පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමගම මැතිවරණයට මුවාවී එම තීරණය හැකිලීමට ආණ්ඩුව කටයුතු කළේය.

කෙසේ වෙතත් අද පැවැති සාකච්ඡාවේදී එළඹෙන සැප්තැම්බර් 1 වෙනිදා සිට මැතිවරණය නොපැවැත්වෙන පළාත්වල රැකියා ලබාදීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ. එමෙන්ම සැප්තැම්බර් 11 වැනිදා සිට මැතිවරණය පැවැත්වෙන පළාත්වලද රැකියා ලබාදීමට කටයුතු කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

එසේම මෙහිදී මැතිවරණ පැවැත්වෙන පළාත්වල රැකියාලත් සහ රැකියා නොලත් උපාධිධාරීන් මැතිවරණ සඳහා යොදාගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබේ.

මැතිවරණ කොමසාරිස්වරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා,

                ‘‘ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වහගන්න මැතිවරණ කොමසාරිස්වරයාගේ ප‍්‍රකාශයක් පාවිච්චි කරල තියෙනවා. එතුමා අද නිවේදනයක් නිකුත් කරනවා කීවා සැප්තැම්බර් 1ඉඳලා මැතිවරණ නැති පළාත්වල රැකියාදීම අරඹන්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඒ අනුව ආණ්ඩුව තටයුතු කරයි කියලා. අපි විශ්වාස කරන්නේ නෑ. ඒත බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මැතිවරණ කොමසාරිස්වරා ප‍්‍රකාශ කළා. බඳවාගත් උපාධිධාරීන් විධිමත්ව බඳවාගැනීම් නොකළ බව. එය අපත් පවසන කරුණක්. මේ ආණ්ඩුව උපාධිධාරීන් හෑල්ලූ කරමින් ඉන්නවා. අප ඊට විරුද්ධයි. අපි බලාගෙන ඉන්නවා. රැකියා දුන්නේ නැත්නම් සැප්තැම්බර් 12ඉඳලා අපි මහපාරේ අරගල කරනවා.’’

This content has been locked. You can no longer post any comment.

online

We have 82 guests online

Advertisment

advertisment