ලග්ගල රක්ෂිතයේ කක්කුට උල්පත නැමැති නුගගොල්ල ග්රාමනිලධාරී වසමට මායිම්ව මෙම ගින්න හටගෙන ඇති බවත් ගින්නෙන් කිසිවෙකුට හෝ අනතුරක් සිදුව නොමැති බවත් පොලිසිය පවසයි.
මේ වන විට පොලීසිය හා ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීම සඳහා පියවර ගනිමින් සිටින බව වාර්තාවේ.
මේ ආකාරයෙන් රක්ෂිත ගිනි ගැනීම් රාශියක්ම පසුගිය කාලය තුළ වාර්තා විය. මින් වැඩි ප්රමාණයක් මිනිසුන්ගේ අනු දැනුම මත පෞද්ගලික අරමුණු වෙනුවෙන් සිදුකරන ගිනි තැබීම්ය. ඇතැම් ඒවා රක්ෂිතවල ඉඩම් අත්පත් කර ගැනීමේ අරමුණින් දේශපාලන මැදිහත්වීම්ද සහිතව සිදුවන ඒවා බවට තොරතුරු වාර්තා විය. කෙසේ වෙතත් මේ හරහා පරිසරයට සිදුවන හානිය සුළුපටු නොවේ. එබැවින් දිනෙන් දින සිදුකරන මෙම රක්ෂිත ගිනි තැබීම්වලට එරෙහිව වහා පියවරගත යුතුව තිබේ.








