පසුගිය 21 වැනිදා මෙරටට පැමිණි ජපානයේ විශේෂ සාම නියෝජිත යෂුසි අකාෂි මහතා අද (25) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී තිබේ.
එහිදී උතුරු හා නැගෙනහිර පළාත්වල සිදුකෙරෙන සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
මේ අතර උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් පසුගිය (23) වැනිදා ජපාන සාම නියෝජිතයා දැනුවත් කර තිබේ. එමෙන්ම ඔහු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද මුණ ගැසී සාකච්ඡා කර තිබේ.
ඔහු සිය සංචාරයේදි රජයේ මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධානවල නියෝජිතයින් ද මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතය.






