Latest news
A+ R A-

සමෘද්ධිය අහෝසියි ! : මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටුවේ

E-mail Print PDF

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාජ්‍ය වියදම් කපා හැරීමේ කොන්දේසි යටතේ  සමෘද්ධි සහනාධාර අහෝසි කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පියවර ගනිමින් සිටී. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ‘දිවි නැඟුම’පනත යටතේ සමෘද්ධි අධිකාරිය යටතේ පැවැති සියලූ කාර්යයන් අහෝසි වන අතර සියලූ සමෘද්ධි බැංකු, දිවිනැඟුම ප‍්‍රජාමූල බැංකු බවට පත් කිරීමට පියවර ගෙන ඇත.

එකී පනතට අනුව ශී‍්‍ර ලංකා සමෘද්ධි අධිකාරිය, ශී‍්‍රි ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය, ශී‍්‍රි ලංකා උඩරට සංවර්ධන අධිකාරිය යන අධිකාරීන් එක්කොට දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් දෙපාර්තමේන්තුවක් පිහිටුවන අතර එම දෙපාර්තමේන්තුව යටතේ වන දිවිනැඟුම ප‍්‍රජාමූල බැංකු පද්ධතිය මගින් සමෘද්ධි බැංකු අහෝසි කිරීමට පියවර ගෙන ඇත. මේ අනුව ඉහත සඳහන් අධිකාරීන් මෙතෙක් තම මූල්‍ය අංශ මහජන නියෝජිතයන් හා සමෘද්ධි බැංකු මහා සංගම් 317ක් හරහා  පරිපාලනය වූ අතර ඒ අනුව එකී ආයතනයන්හි මූල්‍ය තත්වයන් තර කිරීම් හා පරිපාලනය සිදුවිය. එහෙත් මෙමගින් සමෘද්ධිය සතු කෝටි 900කට අධික මුදලක් හා අනෙකුත් අධිකාරීන් සතු මුදල් ඇමැතිවරයකුගේ සෘජු පරිපාලනය යටතට ගැනීමට පියවර ගෙන ඇත. එය පනතේ සඳහන් වන අන්දමට ඇමැතිවරයා විසින් පත් කරන නිලධාරීන් දස දෙනකුගෙන් සමන්විත  දිවිනැඟුම ජාතික සභාවක් ගොඩන`ගන අතර ඔවුන්ට අදාළ විෂය ක්ෂේත‍්‍රයේ කළමනාකරණය මුළුමනින්ම පවරා ඇති අතරම මීට අදාළ ඇමැතිවරයා විසින් ගන්නා තීරණ මාස 03ක් යනතෙක් පාර්ලිමේන්තුවට හෝ කිසිදු ආයතනයකට ආපසු හැරවිය නොහැකි ලෙස වගන්තියක්ද ඇතුළත් කොට ඇත.

එසේම මෙම පනතේ කිසිදු ස්ථානයක සමෘද්ධි ප‍්‍රතිලාභීන් සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රකාශයක් නොමැත. පනතට අනුව පවුල් 2,000,000කගේ ප‍්‍රතිලාභීත්වය මුළුමනින්ම අහෝසි වීමේ අවදානමක් ද පවතී. ඒ අනුව ජනතාවගේ සුබසාධන හා ආර්ථික අංශයේ සහන ඇති කළ  සමෘද්ධිය  අහෝසි වන අතර එය ආණ්ඩුවේ මූල්‍ය අංශය තරකර ගැනීමේ ආයතනයක් බවට පත් කිරීම සිදුකොට ඇත.

 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 79 guests online

Advertisment

advertisment