රත්මලාන දුම්රිය දෙපාර්තමේන්තුවේ නවාතැන් සංකීර්ණයේ ජනතාව දැනුවත් කිරීමේ කැන්වසින් ව්‍යාපාරයක නියැලුණු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් පිරිසකට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පිරිසක් දිගින් දිගටම බාධා එල්ල කරමින් සිටින බව වාර්තාවේ.
අද පෙරවරු 10.30ට පමණ තම සාමාජිකයින් කැන්වසින් වැඩසටහන ආරම්භ කළ මොහොතේ සිට ජනතා විමුක්ති පෙරමුණේ බොරලැස්ගමුව හිටපු ප්‍රා දේශීය සභා මන්ත්‍රී ප්‍රදීප් නිශාන්ත ඇතුළු පිරිසක් ඔවුන් පසුපස පැමිණ කෑ කෝ ගසමින් බාධා සිදුකරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. කෙසේ වෙතත් තම සාමාජිකයින් ඔවුන්ගේ බාධා නොතකා කැන්වසින් ව්‍යාපාරයේ නියැලෙමින් සිටින බවත් ජ.වි.පෙ. පිරිසද දිගින් දිගටම බාධා සිදුකරමින් සිටින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රකාශකයකු පැවසීය.









Comments
dhaneshwara kamayta erehiwada jvpeta erehivada?????????????????????????????