මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් උතුරුමැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාගේ ගබඩා 3කට මුද්‍රා තබා තිබේ.
මැතිවරණ නීති උල්ලංඝණය වන ආකාරයෙන් මැතිවරන සමයේදී ජනතාවට බෙදා හැරීම සදහා අදාළ ගබඩාවල කෘෂි උපකරණ ගබඩා කර තිබූ බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලිවලට අනුව අදාළ වැටලීම සිදුකළ බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත් උතුරුමැද පළාත් සභාවේ මහඇමති ධූරය සම්බන්ධයෙන් මේවන විට තියුණු ගැටුමක් හටගෙන ඇති අතර මෙම වැටලීමද එහි එක් ප්‍රතිඵලයක් විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.







