පානදුර මුහුදේදී මුහුදුබත් වූ නෞකාවෙන් කාන්දුවන තෙල් නිසා මුහුදු වෙරළේ තැන්පත්වී ඇති තෙල් තට්ටුව ඉවත් කිරීමේ කටයුතු මේවන විට සිදුකරමින් පවතින බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
වෙරළාරක්ෂක නිලධාරීන් සහ සමුද්‍රජීවී පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් එක්ව එම කටයුතු සිදුකරයි.
නෞකාවෙන් කාන්දුවන තෙල් ගල්කිස්ස මුහදු ප්‍ර දේශයේ සිට මීගමුව මුහුදු ප්‍ර දේශය දක්වා පැතිර යා හැකි බව පැවසේ.
කෙසේ වෙතත් කාන්දුවන තෙල් නිසා මුහුදු ජීවින්ට විශාල බලපෑමක් නොවන බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.








