අද දිනයේදී රත්මලාන දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල නිවාස වල කම්කරු අරගල මධ්‍යස්ථානය පිළිබඳව දැනුවත් කිරීමේ කටයුතුවල නියැලුණු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිකයින් පිරිසකට බාධා කළ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පිරිසකගෙන් එක් අයෙකු අද පස්වරුවේ පොලීසිය විසින් අත්අඩංගුව ගෙන තිබේ.
අද දිනයේ කම්කරු අරගල මධ්‍යස්ථානය සම්බන්ධයෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ නියැලෙමින් සිටියදී ජ.වි.පෙ. සාමාජිකයින් පැමිණ දිගින් දිගටම තම සාමාජිකයින්ට බාධා පැමිණවූ බවත් අවසානයේ ඔවුහු කම්කරු අරගල මධ්‍යස්ථානයේ ක්‍රියාකාරික උදුල් ප්‍රේමරත්න මහතාට පහරදී ඔහුගේ ජංගම දුරකථනය පැහැරගැනීමට තැත් කළ බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් රත්මලාන පොලීසිය වෙත සිදු කළ පැමිණිල්ලකට අනුව පහරදීමට පැමිණි එක් ජ.වි.පෙ. සාමාජිකයකු අත්අඩංගුවට ගෙන ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රකාශකයකු පැවසීය.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී කලහකාරීව හැසිරුණු ජ.වි.පෙ. හිටපු ප්‍රා දේශිය සභා මන්ත්‍රී ප්‍රදීප් නිශාන්ත ඇතුළු ඉදිරිපෙළ නායකයින් පිරිස පලාගොස් ඇති බවද වාර්තාවේ.







