Latest news
A+ R A-

ගිලුණු නැවේ තෙල් කාන්දුව නවතී

E-mail Print PDF

 

පසුගිය 23වැනිදා පානදුර මුහුදු කලාපයේදී මුහුදුබත්වූ නෞකාවෙන් සිදුවූ ඉන්ධන කාන්දුව මේවන විට නතර වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් රියර් අද්මිරාල් එස්.ආර්. සමරතුංග මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් නෞකාවෙන් තවදුරටත් ඉන්ධන කාන්දුව සිදුවන්නේ දැයි සියුම් ලෙස නිරීක්ෂණයට ලක් කෙරෙන බවද ඒ සදහා නාවික හමුදා යාත්‍රාවක් අදාළ මුහුදු ප්‍ර දේශයේ නීරීක්ෂණයට යොදවා ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

සයිප්‍රසයට අයත්  ‍එම නෞකාව භාණ්ඩ ප්‍රවාහනයේදී ඇති වු සිද්ධියක් සම්බන්ධයෙන් රඳවා ගැනීමට 2007වසරේදී කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබුණි.

පසුගියදා වානිජ මහාධිකරණය විසින් එම නෞකාව ත්‍රිකුණාමලයට රැගෙන යන ලෙසට නියෝග කළත් නෞකාවේ හිමිකරු සහ නීතිඥයින් ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බලා එය ත්‍රිකුණාමලයට රැගෙන යාම අභියාචනාධිකරණය මගින් අත්හිටවු බව  වෙළෙඳ නැව් අධ්‍යක්ෂ අජිත් සෙනෙවිරත්න මහතා පැවසීය.

කෙසේ වෙතත් නැව මුහුදුබත්වීමෙන් සිදුවන සමුද්‍ර හානිය වැළැක්වීම සඳහා එහි තිබු දැවි තෙල් ටොන් 207ක් ඉවත් කර තිබූ නමුත් නෞකාවේ ටැංකිය පතුලෙහි තවත් දැවිතෙල් ටොන් 10-20ත් අතර ප්‍රමාණයක් ඇති බව සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

මේ අතර මෙම නෞකාව අයත් සයිප්‍රස් සමාගමට එරෙහිව නඩු පැවරීමට රජය කටයුතු  කරන බවද වාරතාවේ.

 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 109 guests online