5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (05) දින පැවැත්වීමට නියමිතය. ඒ සදහා සියලු කටයුතු මේවන විට සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. දිවයින පුරා මධ්‍යස්ථාන 2,803කදී පැවැත්වෙන මෙවර විභාගය සඳහා සිසුන් 318,416පෙනී සිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.
අද පෙරවරු 9.30සිට දහවල් 12.00දක්වා විභාගය පැවැත්වෙන අතර විභාගය ආරම්භවීමට මිනිත්තු 30කට වත් පෙර දරුවන් විභාග ශාලාවට රැගෙන යාමේ අවශ්‍යතාව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
විභාගයට පෙනී සිටීමේදී විභාග අංකය පැහැදිලිව සටහන් කළයුතු බවත් පිළිතුරු ලිවීමේදී යම් වරදක් වුවහොත් එය තනි ඉරකින් කපා හැර එම ස්ථානයේම නිවැරදි පිළිතුර සටහන් කළයුතු බවත් විභාග කොමසාරිස් වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.







