මානව ඉතිහාසයේ නව පිටුවක් සනිටුහන් කරමින් 1969 ජූලි 20 වැනිදා සඳ මත පළමු වරට පා තැබූ මිනිසා ලෙස සැලකෙන එක්සත් ජනපදයේ අජාටාකාශගාමී නීල් ආම්ස්ට්‍රෝන් ඊයේ රාත්‍රී මියගොස් තිබේ. මිය යන විට 82වන වියෙහි පසුවූ ඔහු මෑත කාලයේදී හෘද රෝගයකින් පීඩා විදි අතර ඒ හේතුවෙන් ඔහුට හෘද සැත්කමක් පවා සිදුකර තිබිණි.
1930 අගොස්තු මස 05 වන දින උපත ලද නීල් ආම්ස්ට්‍රෝන් ඇපලෝ 11 යානයෙන් සඳ මත පා තබන විට ඔහුගේ වයස අවුරුදු 38 කි. සද මත පා තබමින් නීල් ආම්ස්ට්‍රෝං ප්‍රකාශ කළේ එය මිනිසෙකුගේ කුඩා පියවරක් වුවද මිනිස් සංහතියේ දැවැන්ත පිම්මක් බවයි.







