Latest news
A+ R A-

තැපැල් ඡන්දය හෙට සහ අනිද්දා

E-mail Print PDF

 

පළාත් සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම හෙට (27) සහ අනිද්දා (28) දිනයන්හි සිදුකිරීමට නියමිතව ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. එම දින දෙක තුළ ඡන්දය සලකුණු කිරීම මගහැරෙන පුද්ගලයන්ට ලබන මස 07වන දින දක්වා ඒ සඳහා අවස්ථාව ලබාදෙන බව එම කාර්යාලය සඳහන් කළේය. එහිදී දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හමුවේ ඔවුන් ඡන්දය සලකුණු කිරීම සිදුකළ යුතුය.

මෙවර තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා නැගෙනහිර පළාතෙන් ඡන්ද දායකයින් 29,153ක් උතුරු මැද පළාතෙන් 43,714ක් සහ සබරගමුව පළාතෙන් 27,991 දෙනෙක් සුදුසුකම් ලබා සිටියි.

සිවිල් ආරක්ෂක බලකා කඳවුරු තුළ සිදුකෙරෙන තැපැල් ඡන්ද සලකුණු කිරීම් ඇතුළු ආයතන කිහිපයක තැපැල් ඡන්ද සලකුණු කිරීම මැතිවරණ කොමසාරිස්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිත බවත් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්ද නිරීක්ෂණ කටයුතු සඳහා සූදානම්ව ඇති බවත් මැතිවරණ කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 180 guests online