වන්නි දිස්ත‍්‍රික්කය සඳහා පාර්ලිමේන්තුවට තෝරා පත්කරගන්නා මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව එකකින් අඩු කිරීමටත්, එලෙස අඩුවන මන්ත‍්‍රී ධූරය මොණරාගල දිස්ති‍්‍රක්කයට එක් කිරීමටත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පියවර ගෙන ඇත.
මැතිවරණ කොමසාරිස්වරයා විසින් මැතිවරණ කොට්ඨාශ පිළිබඳව වාර්ෂිකව සිදුකරන ඇගයීමට අනුව, වන්නි දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු සභිකයින් සංඛ්‍යාව අඩු කර තිබේ.
ඒ සඳහා 2011 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය උපයෝගී කරගෙන ඇති අතර, 2010 වසර හා සැසඳීමේදී මුලතිව්, වවුනියාව, මන්නාරම යන මැතිවරණ කොට්ඨාශවලින් සැදුම් ලබන වන්නි දිස්ති‍්‍රික්කයේ ඡන්ද දායකයින් සංඛ්‍යාව 15000 කට ආසන්න ප‍්‍රමාණයකින් අඩුවී ඇත.
කෙසේ වෙතත් 2010 වසර හා සැසඳීමේදි 2011 වසරේ ඡන්ද හිමි නාම ලේඛණයට අනුව මොණරාගල දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් 4000 දහසකින් පමණ වැඩිවී ඇත.
ඒ අනුව ඡන්ද දායකයින්ගේ සිදුවී ඇති මෙම වෙනස්වීම සැළකිල්ලට ගෙන මැතිවරණ කොමසාරිස්වරයා විසින් අදාළ සංශෝධන සිදුකර ඇති බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.








