නොරොච්චෝලේ විදුලි බලාගාරය පූර්ණ වශයෙන් බලගැන්වීමට ඊයේ දිනයේද සිදු කිරීමට අපොහොසත්වී තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රියවන විට බලාගාරය යළි සක්‍රීය කිරීමට හැකිවනු ඇති බවට මුළින් විශ්වාසය පළ කෙරිනි.
බලාගාරයේ අළුත් වැඩියාවන් සිදුකරන චීන ඉංජිනේරුවන් පවසන්නේ තවත් අත්‍යවශ්‍ය අළුත්වැඩියා කටයුතු කිහිපයක් සිදුකළ යුතුව ඇති බවය.බොහෝ දුරට අද පස්වරුව වන විට එම කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇති බවද ඔවුන් පවසා තිබේ.
කෙසේ වෙතත් බලාගාරය යළි සක්‍රීය කරන තෙක් දෛනික විදුලි කප්පාදුව සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.








