2011මාර්තු 22වැනි දින උත්සවාකාරයෙන් විවෘත කළ නොරොච්චෝලේ ලක් විජය බලාගාරය එම වසර තුළ පමණක් දින 35ක් වසා දැමීමෙන් ලද පාඩුව රු. බිලියන 6.5කි.
එම විදුලිබල මධ්‍යස්ථානය මේ දක්වා අවස්ථා 12කදී හදිස්සියේ අකි‍්‍රය වී ඇති බව විදුලිබල ඇමැතිවරයා ද පාර්ලිමේන්තුවේදී පිළිගෙන තිබේ. වසර 50ක් පමණ පැරණි මලකඩ කෑ උපකරණ සවිකළ බවට සේවකයන් විසින් ද හෙළිදරව් කර ඇති මෙම බලාගාරය ලංකාවේ විදුලි බල අවශ්‍යතා සපිරීම වෙනුවට සුදු අලියෙකු බවට පත්ව ඇතැයි බලාගාරයේ සේවකයෝ පවසති.
කාර්මික දෝෂයක් නිසා මේ වනවිටත් අකි‍්‍රයව ඇති ලක්විජය තාප බලාගාරය පිළිබඳ පරීක්ෂණ කිරීමට චීනයේ විශේෂඥයන් කණ්ඩායමක් පැමිණ ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.
නොරොච්චෝලේ කතාව
විවෘත කිරීම - 2011මාර්තු 22
ව්‍යාපෘති ණය - චීනයේ එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 455.
ශී‍්‍ර ලංකා රජයේ දායකත්වය රුපියල් මිලියන 300.
විදුලිබල උත්පාදන ධාරිතාවය මෙ.වො. 300.
දෝෂ නිසා අකි‍්‍රය වීම් 12.
ප‍්‍රධාන අකි‍්‍රයවීම් අවස්ථා 5මෙසේය.
2011.09.28පැය 600
2012.01.05පැය 122
2012.01.18පැය 700
2012.07.21පැය 115
අවසන් වරට අකි‍්‍රය වීම 2012.08.09
නැවත පණගැන්වෙන දිනය අවිනිශ්චිතය.








