Latest news
A+ R A-

ජාති-ආගම්වාද පැරදවීමට පෙළ ගැසෙමු - පෙ.ස.ප.

E-mail Print PDF

 

මේවන විට ලෝකය පුරා නැගඑමින් පවතින ජාතිවාදයේත්, ආගම්වාදයේත් ගිනිදලු පැරදවීමට සියලු දෙනා ඒකරාශී වියයුතු බවත් ශ්‍රී ලංකාව තුළ නැවත හිස එසවීමට දරණ එවැනි භේද භින්න කිරීම්වලට එරෙහිව මුස්ලිම්-දෙමළ-සිංහල ජන කොටස් අතර සමගිය ගොඩනැගිය යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

මේ දිනවල බුරුමයේ රෝහිංසා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුවන ඝාතන සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් පසුගිය දිනවල සංවිධානය කර තිබිණි.‍

එහිදී එම පක්ෂය විසින් බෙදාහරින ලද පත්‍රිකාවක වූ අන්තර්ගතය පහත දැක්වේ.

ජනතාව භේද කරන

ජාතිවාදය-ආගම්වාදය පරදවමු!

ආදරණීය සහෝදරිය, සහෝදරය....

මේ වන විටත් ලෝකය පුරා ජාතිවාදයේත්, ආගම්වාදයේත් ගිනි දැල් ඇවිලෙමින් තිබෙනවා. බුරුමය ඒ සඳහා වන ආසන්නතම නිදසුනක්. පසුගිය සති කිහිපය තුළ බුරුමයේ රෝහිංසා නම් මුස්ලිම් ප‍්‍රජාව වාර්ගික ශුද්ධයකට ලක්කරමින් ඔවුන් සිය ගණනින් මරා දැමෙමින් තිබෙනවා. රෝහිංසා මුස්ලිම් ප‍්‍රජාවට අයත් කාන්තාවන් බලහත්කාරයෙන් ලිංගික හිංසනයට ලක් කෙරෙමින් තිබෙනවා. මේ සමූහ ඝාතනයේ පළමු දින කිහිපය තුළ පමණක් මුස්ලිම්වරුන් 78ක් මරා දමා, නිවාස දහස් ගණනක් ගිනිබත් කර තිබුණා. රෝහිංසා මුස්ලිම්වරුන්ට එරෙහි මේ ප‍්‍රචණ්ඩත්වයට බුරුම මිලිටරි ජුන්ටා පාලනය ආධාර කරනවා.

රෝහංසා මුස්ලිම්වරු මීට සියවස් ගණනකට පෙර අසල්වැසි බංගලාදේශයේ සිට බුරුමයට සංක‍්‍රමණය වූ ජන කොටසක්. දැන් බුරුම ආණ්ඩුව කියන්නේ ඔවුන් තමන්ගේ රටේ පුරවැසියන් නොවන බවත්, මේ වර්ගවාදී හා ආගම්වාදී සතුරුභාවයට තිබෙන පිළිතුර රෝහිංසා මුස්ලිම්වරු වෙනත් රටකට යාම බවත්ය. ලංකාවේ සිදු වූ 1983කළු ජූලියේ දී අපේ රටේ ආණ්ඩුව කළා වගේම බුරුම ඛේදවාචකයේ දීත්, බුරුම ආණ්ඩුව හා හමුදාව මේ කණගාටුදායක සිදුවීම්වලට නායකත්වය දෙන බව ඒ නිසා පැහැදිලියි. අපි මේ ම්ලේච්ඡුසිදුවීම් වහාම නතර කරන ලෙස බුුරුම ආණ්ඩුවට බල කළ යුතුව තිබෙනවා. ඒ සඳහා ලංකාවේ මුස්ලිම්-දෙමළ-සිංහල සියලූ දෙනා එක්ව අරගල කළ යුතුව තිබෙනවා.

දැන් මෙවැනිම ම්ලේච්ඡු ආගම්වාදයක් අපේ රට තුළත් හිස ඔසවමින් තිබෙනවා. විශේෂයෙන් ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහි ප‍්‍රකෝපකාරී ක‍්‍රියා සිදු වෙමින් තිබෙනවා. බුරුමයේ වගේම ලංකාවේත් මේ ආගම්වාදය අවුළුවන්නේ ආණ්ඩුව. ඔවුන් පටු දේශපාලන වාසි හේතුවෙන් සමස්ත සමාජයක අනාගතය අනතුරේ හෙළමින් සිටිනවා. ආණ්ඩුව ආගම්වාදී ප‍්‍රචණ්ඩත්වයට සම්බන්ධ බවට හොඳම සාක්‍ෂිය ලැබුනේ මේ වසරේ අපේ‍්‍රල් 20වැනිදා දඹුල්ල මුස්ලිම් දේවස්ථානයකට එරෙහිව පැන නැගුණු උද්ඝෝෂණයෙන්. ඒ පසුපස සිටින්නේ මාතලේ දිස්ත‍්‍රික්කයේ ආණ්ඩුවේ දේශපාලඥයෙක්. එම සිද්ධියේ දී අගමැති දි.මූ. ජයරත්න පවා පල්ලිය එතැනින් ඉවත් කළ යුතු බව පැවසීම නිසා මේ ගැන ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලියි. ජූනි 14වැනි දා අනුරාධපුරයේ දර්ගා දේවස්ථානයට ප‍්‍රහාරයක් එල්ල වුණා. මැයි, ජූනි මාස දෙක තුළ කොළඹ බුලර්ස් පාරේ පල්ලියකටත්, දෙහිවල සත්වෝද්‍යානය අසල පල්ලියකටත්, කුරුණෑගල ආරියවත්ත ප‍්‍රදේශයේ පල්ලියකටත් බලපෑම් එල්ල වුණා. ආණ්ඩුව මේ ප‍්‍රචණ්ඩකාරීන්ට සහය දීමේ ප‍්‍රතිපත්තියක ඉන්නවා. සිදුවීම්වලට සම්බන්ධ කිසිම කෙනෙකු අත්අඩංගුවට ගත්තේ නෑ. ඒ වගේම ආණ්ඩුවේත්, ඇතැම් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේත් මෙහෙයවීමෙන් මුස්ලිම් ජනතාවට එරෙහිව සිංහල ජනතාව ප‍්‍රකෝප කරවන භේද කරවන අන්තර්ජාල ව්‍යාපාරයක් දියත් වෙනවා.

ඒ අනුව අපේ රට තුළත් සිංහල හා මුස්ලිම් ජනතාව භේද කරන්නන් ආගම්වාදී ගැටුම් හදන්නත් සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත්වන බව පැහැදිලියි. මේ උගුලට අහුවුණොත් සමාජයක් ලෙස අපට ලොකු විනාශයකට මුහුණ දෙන්න සිදු වෙනවා. මීට පෙර ඇතිවූ ජාතිවාදී ගැටුම් තිස් අවුරුදු යුද්ධයකට මග පෑදුවා. අපි අවුරුදු 30ක් තිස්සේ ඒ යුද්ධයෙන් පීඩා වින්දා. මේ අවස්ථාවාදීන් දැන් උත්සාහ කරන්නේත් පටු දේශපාලන වාසි වෙනුවෙන් නැවත වරක් දිගුකාලීන ඛේදවාචකයකට රට ඇද දාන්න. ඒ තත්වයට ඉඩ දෙන්න එපා. මේ පටු ආගම්වාදයට, ජාතිවාදයට එරෙහිව මුස්ලිම්-දෙමළ-සිංහල ජන කොටස් අතර සමගිය ගොඩනගමු. බුරුමයේ අත්දැකීම ලංකාවේ ක‍්‍රියාත්මක වෙන්න ඉඩ නොදෙමු. හැම ආකාරයකම අන්තවාදයන්ට, ආගම්වාදයන්ට, ජාතිවාදයන්ට එරෙහිව පෙරට එමු. දේශපාලන අවස්ථාවාදීන්ගේ භේදකිරීම්වලට එරෙහිව වගේම, මේ සිදුවීම්වලට එවැනිම ප‍්‍රචණ්ඩත්වයකින් පිළිතුරු දීමට යන අන්තවාදී උත්සාහයන්ටත් එරෙහිව පෙළ ගැසෙමු. එය අපේ අනාගත පරම්පරාවන් වෙනුවෙන් අප ඉටු කළ යුතු වගකීමක්.

Comments

 
0 # Bandara 2012-08-28 14:18
ආන්ඩු, දේශපාලකයන්, දේශපාලන පක්ෂ (පසුගිය දශක කිහිපය තිස්සේ ජවිපෙ වගේ ) ජනමාධ්‍ය (යුද්දේ අන්තිම දවස්වල චන්දනලාගේ ලන්කා පත්තරේ වගේ) සමස්තයක් ලෙස ජනතාව තුල ඇති ජාතිවාදී අගතීන් පෝෂනයකොට වෙනත් දවටනවල ඔතා ( බුදුදහමේ පමනක් නොව මාක්ස් ලෙනින් වාදයේ පවා) අලවි කල බව ඇත්ත. තම ප්‍රතිපත්ති තීරනය කිරීමේදී සහ ක්‍රියාකාරිත්වය ේදී එම ජාතිවාදී අගතීන්වලට යටවෙන එකත් (පෙරටුගාමීන් වගේ) ඇත්ත. එහෙත් පුලුල්ව තේරුම් ගත යුතු ජාතිවාදය වැනි ප්‍රපන්චයක් හුදු මහින්දගේ හෝ ආන්ඩුවේ කුමන්ත්‍රනයක් බවට ලඝු කිරීමෙන් පෙනෙන්නේ පෙරටුගාමී එක ජවිපෙට වඩා මදක් හෝ දියුනු තලයක ඇති කියලා අපි හිතුව එක වැරැදි බවයි.
Reply | Reply with quote | Quote
 
 
0 # Nalaka 2012-08-28 14:57
Jathiwade Agamwade kiya kiya indapalla. Hambayo awith umbalata ....... dawasata terei.
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

online

We have 158 guests online

Advertisment

advertisment