Latest news
A+ R A-

ශිෂ්‍යත්වයේ ප්‍රශ්න කලින් පිටවීම විදේශ කුමන්ත්‍රණයක්ලු

E-mail Print PDF

 

විභාග දෙපාර්තමේන්තුව මගින් පසුගිය කාලයේ පවත්වන ලද විභාගවල ප්‍රතිඵලවල යම් යම් අඩුපාඩු ඇති බව පවසමින් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් පිළිබඳව කරුණු සොයා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගෙන් ඉල්ලා ඇත.

පසුගිය කාලවකවානුව පුරාම ගොතන ලද  විවිධ අස්ථාන චෝදනා මෙන් ම තොරතුරු ද සපයමින් ජනතාව හා මාධ්‍යය නොමඟ යවමින් ක්‍රියා කළ ගුරු සංගම් කිහිපයක එක්තරා පිරිසක් 5වසර ශිෂ්‍යත්ව විභාගය වැරදි සහගතව ක්‍රියාත්මක වූ බව පවසා ඇත. එය විවිධ මාධ්‍යන් මගින් ද ප්‍රචාරය කර ඇත.

මෙය හිතාමතාම රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය බිඳ දැමීමේ දෙස් විදෙස් කුමන්ත්‍රණයක ප්‍රතිඵල බව පෙනී යන අතර, ඒ තුළින් ජනතාව නොමඟ යැවීමට කටයුතු කර ඇත.

එබැවින්, වහාම ඒ පිළිබඳව සොයා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත. විභාගවල යම් යම් අඩුපාඩු සිදු වූ බව පෙන්වා දෙන්නේ නම් එයට වගකිව යුතු අය පිළිබඳව කිසිදු තරාතිරමක් නොබලා ක්‍රියාකිරීමට තමා පසුබට නොවන බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

විවිධ පුද්ගලයන් විසින් අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව නගන චෝදනා කිසිදු වග විභාගයකින් තොරව ජනමාධ්‍යවල ප්‍රචාරය කිරීමට ඉක්මන් වීමෙන් මාධ්‍ය ගෞරවය හා විශ්වාසය පළුදු වී යන අතර එය වගකිවයුතු මාධ්‍යයක යුතුකම හා ජාතික වගකීම නොවන බවද අමාත්‍යවරයා පවසයි.

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සිදු වූවා යැයි මාධ්‍ය මඟින් පවසන දේ පිළිබඳව සොයා බලන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතාට අධ්‍යාපන අමාත්‍යවරයා දැනුම් දී ඇත.

 මෙම සිදුවීම පිළිබඳව සොයාබැලීමට විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය ද පරීක්ෂණයක් ආරම්භ කොට ඇති අතර ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ කිරීම සඳහා අපරධ විමර්ශන දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස්වරයා දන්වා සිටී.

-රජයේ නිල පුවත් අඩවිය ඇසුරිනි-

Comments

 
0 # wasantha 2012-08-27 22:12
gedara gard eka neththam balaganna thibuna jathyanthara kumantrana wala deshiya weda. ane booooruwo!!
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 128 guests online

Advertisment

advertisment