Latest news
A+ R A-

යොවුන් කි‍්‍රකට් ලෝක කුසලානය ඉන්දියාවට

E-mail Print PDF

 

සති 2ක කාලයක් පුරාවට ඔස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් නුවර පැවති වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක   කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරයන් බවට තේරී පත්වීමට ඉන්දිය යොවුන් කන්ඩායම ඊයේ (26) දා සමත්වුවේය.

ටවුන්ස්විලිහි ටෝනි අයර්ලන්ඞ් කී‍්‍රඩාංගණයේ පැවති අදාළ අවසන් මහ තරගයේදී සත්කාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුලූ 6කින් පරාජයට පත්විය. ඉන්දියාව අදාළ ශූරතාව දිනාගනු ලැබුයේ තෙවනි වතාවට වීම විශේෂත්වයකි.

මෙම තරගයේදී ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ටේ‍්‍රලියානු යොවුන් පිල නියමිත පන්දුවාර 50අවසානයේ දී කඩුලූ 8ක් දැවි රැස්කර ගනුලැබුයේ ලකුණු 225කි. අදාළ ඉලක්කය පන්දු 14ක් ඉතිරීව තිබියදී කඩුලූ 4ක් පමණක් දැවී රැස්කර ගැනීමට ඉන්දීයානු පිතිකරුවෝ සමත්වුහ.

ඉන්දීය ජයග‍්‍රහණය වෙනුවෙන් වැඩිම මෙහෙවරක් දැරු ආරම්භක පිතිකරු උන්මුක්ට් චාන්ද් පන්දු 130කට මුහුණ දෙමින් හයේ පහර 6ක් සහ හතරේ පහර 7ක් සමගින් නොදැවි ලකුණු 111ක් ලබා ගැනීමට සමත් වුවේය. ඔහුට අනගි සහයක් ලබාදුන් ස්මිත් පටෙල් නොදැවී ලකුණු 62ක් ලබාගැනීමට සමත් වීය.

දක්ෂ පිතිකරණයක නියලූණු උන්මුක්ට් චාන්ද් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබු අතර තරගාවලීයේ වීරය සම්මානයෙන් පිදුම් ලැබීමට ඔස්ටේ‍්‍රලීයානු නායක විලියම් බොසිස්ටෝ සමත් විය.

මෙම තරගාවලීයේ දී ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම පළමු වටයෙන්ම ඉවතට විසීවු අතර ඔවුන් නව වැනි ස්ථානයට පත්විය.

ලකුණු සාරංශය.

ඔස්ටේ‍්‍රලීයාව -225/8 (පන්දුවාර 50)

විලියම් බොසිස්ටෝ 87නොදැවී, ටේ‍්‍රවිස් හෙඞ් 37, ඇස්ටන් ටර්නර් 43, ෂර්මා 54/4.

ඉන්දීයාව -227/4 (පන්දුවාර 47.4)

උන්මුක්ට් චන්ද්  111 නොදැවී, ස්මිත් පටේල් 62 නොදැවී, බාබා අපරාජිත් 33.

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 78 guests online

Advertisment

advertisment